මෙය ඔබට මුවෙන් හැකි නම් මුවෙන් හෝ හදවතින් පවසන්න.
ගැලවීමේ යාච්ඤාව
ආදරණීය දෙවියන්වහන්ස,මම යේසුස් යන නාමය නිසා ඔබ වෙත එමි.මම පිලිගන්නවා මම පව් කරුවෙකු බව,මගේ සෑම පාපයකට මට ඔබේ සමාව ඕනෑ.
මම අදහනවා ඔබගේ ආදරණීය එකම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට ඇති ආදරය නිසාම කල්වරි කුරුසියේ කුරුසිපත් වී මා වෙනුවෙන් ලේ හලා මැරුණු බව.එසේ එතුමා කිසිවරදක් නැති ජීවිතය පුජා කලේ මා කල සියලු පාප නිසා බව මම පිලිගන්නවා අදහනවා.
මේ මොහොතේ මම මගේ පුද්ගලික ගැලවුම්කරු හා ස්වාමින් ලෙස මගේ හදවතට යේසුස් වහන්සේ පිලිගන්නවා. එතුමා නැවත මරණින් නැගිටුණු බවත් එතුමා මට බොහෝ ආදරේ බවත් මම අදහනවා.
ස්තූතියි යේසුනී ඔබේ අසීමිත ආදරය,කරුනාව හා අනුග්‍රහය ගැන මාව සුරැකූ හා සුරකින.මේ මොහොතේ සිට මගේ හදවතේ ජීවත් වෙන්න කියා මම අරාධනා කරනවා ඔබට,මගේ ජීවිතය වෙනස් කරන්න.මට සදාකාලික ජීවිතය දුන්නා ට ඔබට ස්තූතියි.
ඉහත යාච්ඤාව ඔබ හදවතින්ම පැවසුවා නම් ඔබට ගැලවීම ලැබී ඇති බවට නිසැකයි. මින් පසුව ඔබ කල යුත්තේ මොනවාද?
ඔබ බයිබලය උගන්වන සභාවකට යා යුතුයි.
දෙවිදුන් ගේ වචනය ඉගෙන ගත යුතුයි.
එය ඉතා ප්‍රිතිමත් ජීවිතයක්.අපි ඔබට උදව් කිරීමට සුදානම්.
No comments:
Post a Comment