Friday, December 23, 2011

සැබෑ නත්තල


නත්තල් කාලයේ ලෝකය, ලංකාව කොච්චර ලස්සනද.... පාරේ යනකොට සවස්කාලයේ මග දෙපස අලංකාර බල්බ් වලින් කොච්චර ලස්සනට සරසල තිබෙනවද.....වෙනද ට්‍රැෆික් එකේ හිරවෙලා අමාරුවෙන් එපාවෙලා තෙහෙට්ටුවෙන් ගියපු පාරේම නත්තල් කාලයේ යද්දී කිසිම කම්මැලි කමක් නෑ.විවිද   ආකාරයෙන් ලස්සන උනු මග දෙපසක් තමයි අපිට දකින්න තියෙන්නේ ....

වෙනද පාලුවට තිබුණු අමාරුවෙන් බිස්නස් කරපු කඩයකට පවා නත්තල නිසා බිස්නස් එකක් කරගන්න අවස්ථාවක් එනවා.පාරවල් හරිම ජනාකිර්නයි.තරුණ තරුණියෝ  ලස්සනට ඇදගෙන ගමන්බිමන් යන හැටි අපිට දකින්න පුළුවන්...

යි ඒ .. නත්තල හින්දා නිදාගෙන හිටි ලෝකය අවදි වුනා  වගේ .හරිම ප්‍රබෝදමත් නව වසරකුත් ලැබීම ත ලග,
ඇත්තටම සාමයේ  කුමාරයාගේ පැමිණීම මුළු
ලෝකයටම  නින්දෙන් අවදිවීමක්,ප්‍රීතියක්,සමරන්න කාරණාවක්,ආලෝකයක් .අපි දන්නවා ලෝකයේ ආලෝකය යේසුස්තුමාණෝ මේ විදිහට ලෝකයේ ලංකාවේ සැමගේ හදවත් වල ලෝකයේ ආලෝකය සමද බබලෙනවානම් ලංකාව ලෝකය කොතරම් අලංකාර ස්ථානයක් වේවිද?

"යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කතා කරමින්ඃ මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ යැයි කීසේක."
"උන්වහන්සේ තුල ජිවනය තිබුනේය" ඒ ජිවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වූයේය."
ආලෝකය අන්ධකාරයෙහි බබලයි.
ලෝකයට එන්නාවූ සියලු  මනුෂ්‍යයන් ආලෝක කරන්නාවූ ආලෝකය සත්‍යවූ ආලෝකයය..
ඔබ සැමට ප්‍රීතියෙන්,
ආලෝකයෙන්,  සාමයෙන් පිරි නත්තලක්  හා නව වසරක් වේවා !!!!!!!

No comments:

Post a Comment

4U YOUTH CAMP PHOTOS