Thursday, December 22, 2011

ඔබට ඇති ආදරය නිසා


ඔබ දන්නවාද? ඔබට අසීමිත ලෙස ආදරය කරන කෙනෙක් ඉන්න බව, ඔබට ඇති ආදරය නිසාම එතුමා මැරුණු බව,
"ධර්මිෂ්ඨයෙකු උදෙසා යමෙක් මැරෙන්ට කැමතිවීම දූර්ලභය. සමහරවිට සත්පුරුෂයා උදෙසා මැරෙන්ට යමෙකු ධෛර්ය ඇතුව සිටින්ට පුලුවන .නමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ  මරණය විදීමෙන්ය."

ඇයි  ඒ? මේ ලොවේ ඔබ අප සැවොම පව්කර තිබෙනවා.ඔබ කරපු පව් නිසා එතුමා මැරුණා. ඔබ හා අප සැවොම කල මුලු ලොවේ සැවොම කල පාපයේ කුලිය ලෙස එතුමා මැරුණා.ඔබ අප සැම කෙනෙක්ම තමා අදහන දෙයින්,ආගමික වතාවත්වලින් ,පුදපූජා වලින්,නීතියක් හෙවත් ව්‍යවස්ථාවක් පිළිපැදීමෙන් නිදොස් වේ යයි සිතනවා. නමුත් සත්‍යය නම්,         
"යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොට ගෙන මිස ව්‍යවස්ථාවේ   ක්‍රියා කරණකොට ගෙන මනුෂ්‍යයෙක්    ධර්මිෂ්ඨ කරනු නොලබන බව දැන" ව්‍යවස්ථාවේ ක්‍රියා වලින් නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොට ගෙන ධර්මිෂ්ඨ කරනු ලබන පිණිස" ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහා ගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියා වලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨ කරනු නොලබයි."

දුක් වෙන්න එපා.
"ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගනින්න" එවිට නුඹ ගැළවෙන්නෙහිය."
එම නිසා මෙය දැන් ඔබට මුවෙන් හැකි නම් මුවෙන් හෝ හදවතින් පවසන්න.
ආදරණීය දෙවියන්වහන්ස​,මම යේසුස් යන නාමය නිසා ඔබ වෙත එමි.මම පිලිගන්නවා මම පව් කරුවෙකු බව,මගේ සෑම පාපයකට මට ඔබේ සමාව ඕනෑ.
මම අදහනවා ඔබගේ ආදරණීය එකම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට ඇති ආදරය නිසාම කල්වරි කුරුසියේ කුරුසිපත් වී මා වෙනුවෙන් ලේ හලා මැරුණු බව​.එසේ එතුමා කිසිවරදක් නැති ජීවිතය  පුජා කලේ මා කල සියලු පාප නිසා බව මම පිලිගන්නවා අදහනවා.
මේ මොහොතේ මම මගේ පුද්ගලික ගැලවුම්කරු හා ස්වාමින් ලෙස මගේ හදවතට යේසුස් වහන්සේ පිලිගන්නවා. එතුමා නැවත මරණින් නැගිටුණු බවත් එතුමා මට බොහෝ ආදරේ බවත් මම අදහනවා.
 මාව සුරැකූ හා සුරකින​ ඔබේ අසීමිත ආදරය​,කරුනාව හා අනුග්‍රහය ගැන  ස්තූතියි යේසුනී.ඔබට මේ මොහොතේ සිට මගේ හදවතේ ජීවත් වෙන්න කියා මම අරාධනා කරනවා ,මගේ ජීවිතය වෙනස් කරන්න.මට සදාකාලික ජීවිතය දුන්නා ට ඔබට ස්තූතියි.මට ඔබ ගැන දැනගන්න පිහිට වන්න.
                                                                                                                                           යේසුස් ගේ ආදරණීය  නාමයෙන්
                                                                                                                                                                                               ආමෙන් .
"යේසුස්වහන්සේඃ නැවත නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නමුත් ජීවත් වන්නේය."
එය ඉතා ප්‍රිතිමත් ජීවිතයක්.අපි ඔබට උදව් කිරීමට සුදානම්.

No comments:

Post a Comment

4U YOUTH CAMP PHOTOS